Posts

නොමිලේ 2GB සමග Hutch Sim එකක් ගෙදරටම ගෙන්වමු......

Image
Free Hutch sim with 2GB Hutch කියන්නේ ඉතින් කව්රුත් දන්න විදිහට ඩේටා සදහා ලාභදායී ම සිම්පත විදිහටනේ. අනෙකුත් ජාල සැසදීමේදී වඩාත්ම ලාභදායී ජාලය හච් බව බොහෝ දෙනෙකු දන්නා කරුණක්. ඉතින් මම අද කියන්න යන්නේ ගෙදර ඉදලම නිකන් 2GB ඩේටත් එක්ක සිම් එකක් ගෙන්න ගන්න හැටි තමයි.අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. ඉස්සෙල්ලම ඔවුන්ගේ නිල වෙබ් අඩවියට පහතින් ඇතුලු වන්න. Get SIM Card Now ඔබට සිම් පත ඇනවුම් කිරීමට හැදුනුම්පතේ ජායාරූප දෙකක් තිබිය යුතුය.
මේ සිම්පත සමග ඔබට පහත දෑ නොමිලේ ලැබෙනු ඇත.
2GB Data ( Peak 1GB/ Off-peak1GB)Any network 30 Mins Any network 30 SMS
තවද මේ සිම්පත කොළඹ අවට නම් දින දෙකක් ඇතුලතත් කොළඹින් පිටනම් දින තුනක් ඇතුලත ලැබීමට ඔවුන් සලන්වනු ඇත පහතින් ලැබෙන අයදුම් පත නිවැරදිව පුරවා හැදුනුම්පතේ දෙපසම නිවරදි ව upload කර ඉතිරි පියවර ටික සම්පූරණ කරගන්න.
සාර්ථකව අයදුම්පත පිරවූයේනම් සිම්පත ඔබට ලැබෙනු ඇත. ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න මතක ඇතුව......

ලේසියෙන් ම ගණිත ගැටලු විසදන්නේ මෙහෙමයි......

Image
ඔයත් තවම උසස් අධ්‍යාපනය හදාරනවාද. එහෙනම් ඔබට නිතරම වගේ ගණිත ගැටලු විසදන්නට එනවා ඇති. ඒවා විවිධාකර වෙන්න පුලුවන්. වීජීය ප්‍රකාශන වල ඉදන් අවකලන දක්වා ඇති ඕනෑම එකක් වෙන්නට පුලුවන්. ඉතින් ඔයත් මේවගේ ගාණක් හදන කොට පියවර මතක නැත්නම් මුල ඉදලා පාඩම බලන්න ඕනි නේද. ඉතින් ඒක කොච්චර කම්මැලි වැඩක්ද කියලා ඉතින් මේවා කරන අය දන්නවානේ. ඉතින් දැන් අපිට පුලුවන් ඇප් එකක් හරහා අපේ ගාන ඇතුලත් කරලා හරි කැමරාව හරහා ස්කෑන් කරලා දෙන්න. එතකොට ඇප් එක තත්පර ගානක් ඇතුලත ගාන නිවැරදිව හදලා දෙනවා. ඉතින් ඔයත් සමහර ගනන් දන්න සේරම සිල්ප දාලා බැලුවත් බැරිවෙන වෙලාවල් එනවා නේද එහෙනම් දැන්ම මේ ඇප් එක අරන් බලන්න.

ඔබේ mobile phone එකටත් free reload දාන හැටි.....

Image
අද මම ඔයාලට කියන්න යන්නේ කොහොමද ඔයාගෙ ෆෝන් එකටත් නොමිලේ රීලෝඩ් දාගන්නේ කියලා. ඉතින් අපිත් ආසයිනේ නිකන් දෙන ඕනි දේකට. මේක ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්. මේකේ මූලිකම සිද්ධාන්තය තමයි ඉන්විට් කිරිල්ල. ඒ දේ හරහා තමයි පොයිට් එකතු කරන්න තියෙන්නේ. මේ පොයින්ට් වලින් අපිට පුලුවන් රීලෝඩ් එකක් දාගන්න. රු 200 රීලෝඩ් එකකට පොයිට් 850 ක් ආසන්න වශයෙන් ඕනි. මොකද මම ආසන්න වශයෙන් කිව්වේ Dialog, Mobitel , Airtel වගේ නෙට්වර්ක් වලට අවශ්‍ය පොයිට් සුලු වශයෙන් වෙනස්. ඉතින් ඔයත් දැන්ම උත්සාහ කරලා බලන්න.පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

OS එක ඇතුලෙ තවත් OS එකක් run කරන හැටි....

Image
අපි බොහෝවිට පාවිච්චි කරන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති තමයි. ඒ අතරිනුත් windows 7 , windows 8 / 8.1 , windows 10 තමයි වැඩිපුරම භාවිතා කරන්නේ. ඉතින් අපිට අපේ විවිධ අවශ්‍යතා අනුව විවිධාකරයේ OS අවශ්‍ය වෙනවා. මොකද සමහර අය හැකිං කරන්නත් ආසයිනේ. ඉතින් එතකොට ඕනි වෙන්නේ Kali Linux නේ . ඒත් ඉතින් ලිනක් එකකින් අපේ එදිනෙදා වැඩකටයුතු කරන එක තරමක් අපහුයිනේ. ඉතින් අපි මේකට මොකද කරන්න ඕනි. මේකට ක්‍රම කිහිපයක්ම තියෙනවා. එකක් තමයි ඔයාගෙ පරිගනකයේ රැම් එක හාඩ් එක ප්‍රභලනම් ඩවල් බූට් ආකාරයට ඔබට අවශ්‍ය මෙහෙයුම් පද්ධති ඉන්ස්ටෝල් කරන්න. තවත් ක්‍රමයක් තමයි ඔයා දැනටමත් පාවිච්චි කරන OS එක මතම තුන්වන පාර්ශවයේ මෘදුකාංගයක් භාවිත කරන එක . ඉතින් මේකට විශේෂිත මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. එකේ නම තමයි Virtual Box ඉතින් අපිට පුලුවන් මේක ඩවුන්ලෝඩ් කරගෙන ඔබට අවශ්‍ය OS එකේ ඉමේජ් ෆයිල් එකක් දීලා ඉන්ස්ටෝල් කරගන්න. එහෙනම් ඔයත් දැන්ම මේ මෘදුකාංගය අරගන්න.

E-mail accounts සියල්ල එක තැනකට ගැනීම....!!

Image
ඊමේල් කියන්නේ පණිවිඩ යවන පහසුම වගේම වැදගත් විදිහේ ක්‍රමයක්නේ. දැන් ඉතින් තැපෑල පාවිච්චි වෙන්නේ අඩුවෙන්නේ.ඒත් ඉතින් භාණ්ඩ යවන්නනම් තැපෑල තමයි මොකද ඊමේල් වලින් ඒවා යන්න බෑනේ්‍. ඉතින් කොහොම උනත් මම දන්නවා ඔයාටත් ඊමේ ඇඩ්රස් එකකට වැඩිය බොහෝවිට තියෙනවා කියලා. මේ ගාන ඉතින් එකේ ඉදන් පහක් හයක් වෙන්නත් පුලුවන්. කොහොම උනත් ඉතින් මේ ඊමේල් වලට ලොග් වෙන්න බ්‍රව්සර් එකක් පාවිච්චි කරන එක මහ කරදර වැඩක් . මොකද සැරින් සැරේ ලොග් අවුට් වෙන්න වෙන හින්දා . ඉතින් මේක ට අපිට කරන්න තියෙන්නේ ඊමේල් ක්ලයන්ට් වැඩසටහනක් පාවිච්චි කරන එක.ඉතින් මම හදුන්වා දෙන්නේ මොසිල්ලා තන්ඩර්බර්ඩ් එක. මේ හරහා අපිට පහසුවෙන් අපේ එකවුන්ට් සියල්ලම හසුරවන්න පුලුවන් වීම විශේෂත්වයක් තමයි. හරි එහෙනම් ඔයත් දැන්ම ගිහින් තන්ඩර්බර්ඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න.

ඉක්මනින් type setting කරන්න පුරුදු වෙමු ද.........?

Image
අද අපි බලමු ටයිප් සෙටිං කරද්දී අපිට වේගයෙන් ටයිප් කරන්න අපි පුරුදු වෙන්නේ කොහොමද කියලා. ඉතින් කියන්න ඕනි මේක අපේ අත කීබෝඩ් එකට හුරු කරන එක විතරයි කරන්නේ. ඒ කිව්වේ කී බෝඩ් එකේ අකුරු තියෙන තැන් වගේම අපි අත් තියාගන්න ඕනි විදිහ මේ මෘදුකාංගය මගින් අපිට මනාව පුහුණු වෙන්න හැකියාව ඔබ ට ඕනෑ තරම් තියෙනවා. මේකෙදි වැඩිපුරම යොමුවිය යුතු පැත්තක් වෙන්නේ ටයිපිං කරන වේගය හදාගන්න. ඒ කියන්නේ විනාඩියකට අපිට ටයිප් කරන්න පුලුවන් වචන ගාන . ඉතින් ඔයා උපරිම උත්සාහ කරන්න ඕනි මේ විනාඩියකට ගහන වචන ගාන වැඩි කරනගන්න. අන්න එත කොට ඔයාටත් සුපිරි ටයිප් සෙටිං කාරයෙක් වෙන්න පුලුවන්. ඉතින් ඔයා මේ මෘදුකාංගය දැන්ම බාගන්න. යටින් මම ලිංක් දාන්නම් එහෙනම් ඔබට ජය වේවා......!!!
මෙන්න සෙටප් එකේ ලිංක් එක මෙන්න සීරියල් නම්බර් එක

අන්තර්ජාලය හරහා නොමිලේ පාඨමාලා (Courses) හදාරමු ද?

Image
අද වන විට මොනයම් ක්ෂේත්‍රයක දක්ෂයෙක් ප්‍රවීනයෙන් වෙන්නට නම් දැනුම පුහුණුව අත්දැකීම් කියන ඒවා මනාව තිබිය යුතුය. ඉතින් අපිට මේවා ලබා ගන්න විවිධ පාඨමාලා ඕනි තරම් බාහිර ලෝකේ තියෙනවා. නමුත් අපිට ගෙදර ඉදන් කරන්න පුලුවන් විදිහේ ඒවා තියෙන්නේ බොහොම ටිකයි. "Udemy.com" කියන වෙබ් සයිට් එක කියන්නේ අති විශාල පාඨමාලා අන්තර්ගත වෙබ් අඩවියක්. අපිට ඉහත වෙබ් අඩවිය හරහා ලබා ගන්න පුලුවන් පාඨමාලා ක්ෂේත්‍ර කිහිපය් මම පහතින් දාන්නම්.
DevelopmentBusinessIT & SoftwareOffice ProductivityPersonal DevelopmentDesignMarketingLifestylePhotographyHealth & FitnessTeacher TrainingMusicAcademicsLanguageTest Prep ඉතින් ඔයත් අදම මේ සයිට් එකට ගිහින් බලන්න. විශේෂ ම දේනම් මේකේ විශාල කෝසස් ප්‍රමාණයක් නොමිලේ හදාරන්න පුලුවන් වගේම මුදල් දී හදාරන්න තියෙන ඒවත් බොහෝ විට ඩොලර් 10 ට අඩුවෙන් වගේ ගන්න පුලුවන්.
Enter the Udemy Now!!! එහෙනම් ඔයත් ගිහින් බලන්න udemy වෙබ් අඩවියට. එහෙනම් මම ගියා .........................