නොදන්නා දුරකථන අංක දැනගන්නේ මෙහෙමයි.!!!

Truecaller app


ඔයාටත් නිතරම වගේ නොදන්න නම්බර් වලින් කෝල් එනවද? ඉතින් එහෙනම් ඔයත් කැමති ඇති ඒ කෝල් කරන්නේ කව්ද කියලා දැනගන්න. ඉස්සරනම් අපි නොදන්න නම්බර් එකකින් කෝල් එකක් ආවාම කරන්නේ යාලුවෙකුට කෝල් කරලා බලනවා නේද මේ නම්බර් එක කාගෙද බලපන් කියලා. එහෙම කරේ ඉස්සර දැන් එහෙම කරන්න ඕනි නෑ. තාක්ෂණය දිනෙන් දින අලුත් වෙද්දී මේවට සරල පහසු ක්‍රම හොයාගන්නවනේ. ඉතින් දැන් ස්මාර්ට් ෆෝන් එකක් නැති අය හොයනවා කියන්නෙත් හරියට කලුනික හොයනවා වගේනේ. හරි ඒවයින් දැන් වැඩක් නෑ අපි බලමු මේකට අවශ්‍ය ඇප් එක මොකක්ද කියලා . මම උඩින්ම දාලා තියෙන්නේ ඒනම මාතෘකාවට.Truecaller. මෙන්න ඩවුන්ලෝඩ් ලිංක් එක. දැන්ම ගන්න.


ඉතින් මේ ඇප් එක ගත්තට පස්සේ ඔයාට පුලුවන් ඇප් එකට ගිහින් නම්බර් එක ගහලා සර්ච් කරන්නත් නැත්නම් ඩේටා ඔන් වෙලා නම් ඔයාට කෝල් එකක් එනකොට නමක් පෙන්නනවා. ඒක එන්නේ මේ ඇප් එක හරහා.ඒ නම හොයාගන්නේ facebook , whatsapp viber imo හරහා හෝ තවත් තෘෘකෝලර් තියෙන කෙනෙක්ගේ ෆෝන් එකක ෆෝන් බුක් එක හරහා වෙන්නත් පුලුවන්. නම විතරක් නෙවෙයි ෆොටෝ එකක් තියෙනවානම් ඒකත් පෙන්නවා. තව මේ ඇප් එක හරහා කෝල් බ්ලොක් කරන්න සෑම්ප් කරන්න වගේ ගොඩක් දේවල් මේ ඇප් එක මගින් ඔයාට කර ගන්න පුලුවන් . ඔයත් දැන්ම ඇප් එක අරගෙන පොඩි උත්සාහයක් දාලා බලන්න‍

Comments

Post a Comment

Popular posts from this blog

ඉක්මනින් type setting කරන්න පුරුදු වෙමු ද.........?

වාහනයේ Number එකෙන් වාහනයේ විස්තර හොයමු ?